| Weight | 87 g |
|---|---|
| Authors | |
| Category | Kids story book / Kids poem books |
| Pages | 16 |
| Language | Sinhala, සිංහල |
| Color | 4 Color |
| Publisher | |
| ISBN | 978-955-569-968-6 |
පොඩිත්තන්ට පැල්කවි | Podiththanta Pal Kavi
රු150.00
කර්තෘ : මල්කාන්ති ගුණරත්න
සිතුවම් : පියල් උදය සමරවීර
කාණ්ඩය : ළමා කතන්දර / කවි
අපේ ආදි සිංහලයන්ගේ ප්‍රධාන ජීවනෝපාය වූ කෘෂිකාර්මික සංස්කෘතිය සහ එදිනෙදා ජන ජීවිතයේ සුන්දරත්වය අනාගත පරපුර වෙත දායාද කිරීම උදෙසා රචිත අපූරු නිමැවුමකි.
ගොඩ ගොවිතැන, හේන් ගොවිතැන සහ මඩ ගොවිතැන මූලික කරගත් පැරණි සමාජයේ පැවැත්ම මෙයින් මනාව විස්තර කෙරේ. විශේෂයෙන්ම කුරහන්, මෙනේරි, තණ ආදී බෝගයන්ගෙන් සරු වූ හේන් යායවල් සතුන්ගෙන් ආරක්ෂා කරගැනීමට පැල් රැකීමේදී ගැයුණු, සිංහල සාහිත්‍ය පෝෂණය කළ “පැල් කවි” කලාව පිළිබඳව මෙහි මූලික අවධානයක් යොමු කර ඇත. පැරැන්නන්ගේ සරල ජීවන රටාව, ආහාර පාන, ඇදහිලි සහ විශ්වාසයන් මෙන්ම ඔවුන් විනෝදාස්වාදය, තෘප්තිය සහ ආස්වාදය ලැබූ ආකාරය පිළිබඳව කදිම අවබෝධයක් මෙම කෘතිය තුළින් ලබාගත හැකිය.
ගිලිහී යා නොදී රැකගත යුතු අපේ දේශීය සංස්කෘතික උරුමයන් පිළිබඳව වර්තමාන දරු පරපුර දැනුවත් කර, ඔවුන් තුළ ඒ කෙරෙහි ඇල්මක් සහ උනන්දුවක් ඇති කිරීමේ ජාතික මෙහෙවරක් ඉටුකිරීම මෙහි ප්‍රධාන අරමුණයි. මෙම හරවත් කෘතිය ප්‍රවීණ චිත්‍ර ශිල්පි පියල් උදය සමරවීරයන්ගේ විචිත්‍රවත් සිතුවම්වලින් වඩාත් ඔපවත් වී ඇත.
5 in stock















Reviews
There are no reviews yet.